අනුමත වූ ණය තව දින දෙකෙකින් ලැබේවි


(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ  ණය මුදලේ පළමු වාරිකය වූ ඇමෙරිකා ඩොලර් මිලියන 333ක මුදල තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෘව මහතා පවසයි.

ඉදිරි වාරික ලබාදීම සෑම මාස හයකට වරක් ශ්‍රී ලංකාව මත සිදු කරන සමාලෝචන මත  රඳා පවතින බව ද ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී සඳහන් කළේය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් අනුමත කිරීමේදී සලකා බලන ප්‍රධාන සාධකය වන්නේ ණය තිරසර බව ද ශ්‍රි ලංකාව තුළ තවමත් ණය තිරසර භාවයක් නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඇමෙරිකා ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා දීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ඊයේ අනුමත කළේය.